දංකොටුවේ වැඩබලන OIC ඇතුලූ පොලීසියේ හතරකට ස්ථාන මාරු

Sunday, 30 October 2016 - 12:44

%E0%B6%AF%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+OIC+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
දංකොටුව පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලූ හතරදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ, මාඔයේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන්.

දංකොටුව - ජගුරාවල ප්‍රදේශයේදී මාඔයේ පිරිසක් අනවසරයෙන් වැලි ගොඩදමන බවට තොරතුරක් ලැබී තිබුණේ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනටයි.

ඒ අනුව ඊයේ දංකොටුව පොලීසියේ කණ්ඩායමක් එහි ගොස් ඇති අතර, ඔවුන් සැකකරුවන් අත්අඩංගුවට නොගෙන ගොඩදැමූ වැලිවලින් කොටසක් පමණක් පොලිස් භාරයට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණයක් සිදු කෙරුණු අතර අනතුරුවයි අදාළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ.

ඒ අනුව දංකොටුව වැඩබලන ස්ථානාධිපතිවරයා මුන්දලම පොලීසිය වෙත මාරුකර ඇති අතර, අනෙක් පොලිස් නිලධාරීන් වනාතවිල්ලූව පොලීසිය වෙත මාරුකර යවා ඇති බව පුත්තලම ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති  අංශයට සඳහන් කළා.


රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න
Tuesday, 04 August 2020 - 20:16

රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න කොමිසමේ... Read More

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More