නිවසකට ගිනි තැබීමෙන් පුද්ගලයෙකු මරුට

Sunday, 30 October 2016 - 15:50

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගාල්ල - කරන්දෙනිය ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් එහි සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පසුගිය 27 වන දා මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.

ගිනි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ මව, පියා සහ දරුවන් 3 දෙනෙකු සිට ඇති අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 47 හැවිරිදි පස් දරු පියෙක්.

අනතුරෙන් ඔවුන්ගේ මව ද බරපතල තුවාල ලබා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ජීවිතක්ෂයට පත්වූ පියා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර අද උදෑසන ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව ද මේ වන විට එම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ පෙට්‍රල් දමා මෙම නිවසට ගිනි තබා ඇති බවටයි.  

මෙම ගිනි තැබීම කවුරුන් විසින් සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර පවුල් ආරවුලක් සිද්ධියට හේතු වී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.