නීතිවිරෝධී වැලි වැටලීමේදී ජාවාරම්කරුවන් පැන දිවගිය හැටි

Monday, 31 October 2016 - 6:51

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මා ඔයේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් දංකොටුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු 4 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ගොඩ දැමූ වැලිවලින් කොටසක් පමණක් පොලිසිය සි භාරයට ගෙන තිබු අතර, ඒ පිළිබඳව පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණයක් සිදු කෙරුණා.

මේ අතර, මහවැලි ගගේ වැලි ජාවාරමේ නිරත පිරිස් සොයා ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීමක් දියත් කළා.

මහියංගනය ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව වැලි ගොඩදැමීමට බලපත්‍රලාභීන්ට නීතියෙන් අවසර ඇත්තේ සදුදා, බදාදා හා සිකුරාදා දිනවලදී පමණයි.

එහෙත් ඇතැම් වැලි ජාවාරම්කරුවන් සියළුම දියන්හි නීති විරෝධීව වැලි ගොඩදමමින් සිදුකරන්නේ දැඩි පරිසර හානියක්.

කොන්දේසි උල්ලංඝනය කරමින් වැඩි ගොඩදමමින් සිටි තොටුපලවල් දෙකක් ඊයේ පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලනු ලැබුවා.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනුනු අතර, පොලිසිය භාරයට ගැනෙන වැලි ගොඩදැමීමට භාවිතා කළ බෝට්ටු ගණන 3 ක්.

මේ අතර මහියංගනය දම්බරාව ඔයේ නීතිවිරෝධීව වැලි ගොඩදමමින් සිටි පිරිසක් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කළා.

වැටලීමේදී සැකකරුවන් පළාගිය අතර වැලි ගොඩදැමීමට භාවිතා කළ උපකරණ මෙන්ම සැකකරුවන්ගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගැනුනා.

කෙසේවෙතත් වැටලීමෙන් පසුව සැකකරුවන් දෙදෙනෙකු මහියංගන පොලිසියට පැමිණ භාරවී තිබෙනවා.