කඩුත් සමඟ දෙදෙනෙකු යාපනයෙන් අල්ලයි - ‘‘ආවා’’ කල්ලියේ දැයි සැක

Monday, 31 October 2016 - 7:11

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+-+%E2%80%98%E2%80%98%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
යාපනය ප්‍රදේශයේ මාර්ගයක කඩුත් සමඟ රැදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ අතුරු මාර්ගයක සැක කටයුතු අන්දමින් ආයුධ සමඟ රැදී සිටින බවට ලද තොරතුරකට අනුවයි පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

පසුව මොවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ කරාතේ පුහුණුවක් සඳහා තමන් මෙම ආයුධ රැගෙන ආ බවයි.

උතුර පළාතේ ප්‍රදේශ කිහිපයක සැරිසරන ‘‘ආවා’’ නමින් හැඳින්වෙන යතුරුපැදි කල්ලි සොයා පොලීසිය මීට පෙර පරීක්ෂණ ආරම්භ කළා.

ඒ සඳහා කණ්ඩායම් තුනක් ද යොදවා ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

චුන්නාක්කම්, කෝපායි සහ මනිපායි යන ප්‍රදේශවල මෙම යතුරුපැදි කල්ලිය සැරිසරන බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.  

යාපනය පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මෙම කල්ලියට සම්බන්ධ ද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.