කෝටි 7 ක් වටිනා වෙඩි නොවදින රථයක් මඩකලපුවෙන් සොයා ගනී

Monday, 31 October 2016 - 7:25

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මඩකලපුව සතුරු කොන්ඩාන් ප්‍රදේශයේදී රුපියල් කෝටි 7 ක් පමණ වටිනා වෙඩි නොවදින ඩිෆෙන්ඩර් රථයක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් මඩකලපුව ප්‍රදේශයට පැමිණ සිදුකළ වැටලීමකදී මෙම රථය සොයා ගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඒ සතුරු කොන්ඩාන් ප්‍රදේශයේ ගරාජයක් තුළ ගාල් කර තිබියදීයි.

කෙසේ වෙතත්, මෙම රථයේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් මේ වනතුරුත් නිෂ්චිත තොරතුරක් අනාවරණ වී නැහැ.