පළාත් 4 කට තද වැසි

Monday, 31 October 2016 - 8:13

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ඌව, මධ්‍යම, දකුණ සහ නැගෙනහිර යන පළාත්වලට අද දිනයේදී ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

වැසිත් සමග තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ඊයේ රාත්‍රියේ ඇදහැලුණු අධික වැසි සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ නුගදුව, ඇලපහළ, බෝගහගොඩ යන ප්‍රදේශවල පහත්බිම් මෙලෙස ජලයෙන් යටව ඇති බවයි.