මෝටර් රථයකින් කාන්තාවක් සහ කුඩා ළමුන් දෙදෙනකු යටකරගෙන ගිය හැටි

Monday, 31 October 2016 - 8:16

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මාර්ගය හරහා මාරු වන කාන්තාවක් සහ කුඩා ළමුන් දෙදෙනෙකු අනතුරකට ලක් වන CCTV දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ අනතුර එංගලතයේ ලන්ඩන්හි මහා මාර්ගයක සිදුවූ අනතුරක් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

50 හැවිරිදි කාන්තාවක් සහ ඇය සමඟ පාර මාරුවීමට යන 12 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 11හැවිරිදි කුඩා දැරියක් මෙම අනතුරට ලක්ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔවුන් කඩිනමින් රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුර සිදුකළ රියදුරු මෙතෙක් අත්අඩංගුවට නොමැති අතර එම පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම දරුණු අනතුර CCTV කැමරාවල සටහන් වී තිබුණු අයුරු පහතින්.