Update:- නිට්ටඹුවේදී ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැකපිට 2 ක් අත්අඩංගුවට

Monday, 31 October 2016 - 9:09

Update%3A-+%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිට්ටඹුව - ඌරාපොල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ගෙළ සිරකර ඝාතනය කර තිබෙනවා.

හෝටල් හිමිකරුවෙකු වන 54 වියැති මෙම ව්‍යාපාරිකයා ඌරාපොල පිහිටි ඔහුට අයත් හෝටලය තුළදීම ඝාතනය කර ඇති බවයි නිට්ටඹුව පොලිසිය ප්‍රකාශ කළේ.

අද (31) අලුයම 3.30ට පමණ ඔහුගේ මළ සිරුර හෝටලය තුළ තිබී හමුවී ඇති අතර, මොහු ඊයේ රාත්‍රියේ ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට නිට්ටඹුව පොලිසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.

ඔවුන් මෙම හෝටලයට නවාතැන් ගැනීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයින් බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඝාතනයට හේතුව මෙතෙක් නිෂ්චිතව හෙළිවී නොමැති අතර, කොල්ලකෑමේ අරමුණින් එය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට අමතරව, හෝටලයේ සේවය කළ සහ ප්‍රදේශවාසීන් 20 දෙනෙකුගෙන් පමණ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

Update-Monday, October 31, 2016 1.41pm
--------------------------------------------------------
නිට්ටඹුව - ඌරාපොල ප්‍රදේශයේදී අද අළුයම ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහුට අයත් හෝටලයක් තුළදී ගෙළ සිරකර මෙලෙස ඝාතනය කර ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.