ප්‍රබල අමාත්‍ය වරයෙකුගේ නම භාවිත කරමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 31 October 2016 - 9:23

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රජයේ ප්‍රබල අමාත්‍ය වරයෙකුගේ සම්බන්ධීකරන ලේකම් වරයෙකු බව පවසමින්  වංචනික ලෙස මහා පරිමාණයෙන් මුදල් ලබා ගත් පුද්ගලයෙකු වනාතවිල්ලුව පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාට විරුද්ද වවනාතවිල්ලුව පොලිසියට පැමිණිලි 25කට වැඩි ගණනක් ලැබී ඇති බවට සදහන්.

මොහු ප්‍රදේශයේ කාන්තාවන්ට රජයේ රැකියා ලබා දෙන බව පවසමින්, කූට ලිපි ලේඛණ ඉදිරිපත් කර විරැකියාවෙන් පෙලෙන කාන්තාවන් ගෙන් රුපියල් 15000 සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් ඉතාමත් සූක්ෂම ලෙස වංචා කර ඇති බවටයි  වාර්තාවන්නේ.

සැකකරු සහනදායි මිලට මහන මැෂින්, කජු කපන මැෂින් සහ වතුර මෝටර් ලබා දෙන බව පවසමින් පුද්ගලයන්ගෙන්  මුදල්  අය කරගෙන ඇති බවටද  පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබු බව අප වාර්තාකරු පැවසුවා.

සැකකාර පුද්ගලයා පුත්තලම,මදුරගම ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වන අතර, ඔහු පුබුදුගම, කරඩිපුවල් ප්‍රදේශයේ අනියම් බිරියගේ නිවසේ සිටියදී පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.