Update :- ආබාධිත රණවිරුවන් මාස 03කට පසු යලි මහ පාරේ

Monday, 31 October 2016 - 11:51

Update+%3A-+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+03%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A
යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත විශ්‍රාමික රණවිරුවන් පිරිසක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වනවා.

කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට ඇරඹුණු මෙම විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලඟාවත්ම ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගත්තා.

සිය ඉල්ලීමට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා මොවුන් කොටුව දුම්රිය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළේ පසුගිය ජුලි මස 25 වැනිදායි.

ඊට පසුදින අමාත්‍ය දුමින්ද දිසානායක සහ  ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි එම ස්ථානයට පැමිණ මාස 03ක් ඇතුලත මොවුන්ගේ ගැටළුවට විසදුම් ලබාදෙන බවට පොරොන්දුවීමත් සමඟ ඔවුන් සිය විරෝධතාවය අවසන් කළා.

කෙසේ වෙතත්, පොරොන්දු ඉටු නොවීම හේතුවෙනුයි මාස 3 යි දින 6 කට පසු යළි මොවුන් අද මෙලෙස විරෝධතාවයක් ආරම්භ කළේ.

කෙසේ වෙතත් විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන් 06 දෙනෙකුට සිය ගැටළු සම්බන්ධයෙන් සන්දේශයක් බාර දීමට මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

Update-Monday, October 31, 2016 12.44
-----------------------------------------------------------
යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත විශ්‍රාමික රණවිරුවන් පිරිසක් මේ වනවිට ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක නිරත වනවා.

ඒ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය ජුලි මස 7 වනදා ද මෙම ඉල්ලීම මුල් කර ගනිමින් ඔවුන් කොටුව දුම්රිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටු නොවී ඇති බව පවසමිනුයි ඔවුන් අද මෙම විරෝධතාව ක්‍රියාත්මක කර ඇත්තේ.

ජනාධිපති ලේකම්වරයා පැමිණ තම ඉල්ලීමට විසඳුමක් ලබාදෙන තුරු තමන් විරෝධතාවයේ නිරත වන බව මෙම විශ්‍රාමික රණවිරුවන් ප්‍රකාශ කළා.