අගමැතිට සහ අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Monday, 31 October 2016 - 12:53

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ගොනුකළා.

ඒ මහබැංකු බැදුම්කර සිද්ධියට ඔවුන් සම්බන්ධ බවට පවසමින්.

මේ පිළිබද විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගන්නා ලෙසයි අදාළ පැමිණිල්ලෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත මෙම පැමිණිල්ල සිදුකරනු ලැබුවා.

ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සහභාගි වී සිටියා.

පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සම්බන්ධ බවට සහතික බවයි.