වාද්දුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Monday, 31 October 2016 - 13:04

%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වාද්දුව දුම්රිය ස්ථානයේදී පුද්ගලයෙකු අද අලුයම වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ යාන්ත්‍රික පෑස්සුම්කරුවෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවයි වාද්දුව පොලිසිය ප්‍රකාශ කළේ.

මියගිය පුද්ගලයා වාද්දුව - මැලෑගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, රාජකාරියට යමින් සිටියදී ඔහුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.