නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Monday, 31 October 2016 - 13:17

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (31) රාත්‍රියේ පැවැත්වෙනවා.

ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇති බවයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සදහන් කළේ.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ නොවැම්බර් මස 3 වනදා ආරම්භ වන පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටියා.