විශ්‍රාම වැටුප් අයිතිය වෙනුවෙන් ආබාධිත රණවිරුවන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැය පහන් කරයි (ඡායාරූප)

Tuesday, 01 November 2016 - 7:05

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ඊයේ ආරම්භ කළ විරෝධතාවය මේ වන විට ද ක්‍රියාත්මකයි.

ඊයේ පෙරවරුවේ කොළඹ කොටුව - දුම්රියපොළ ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් ආරම්භ කළ ආබාධිත රණවිරුවන් පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා.

එහිදී ආබාධිත රණවිරුවන් 6 දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් සිය ගැටළුව සංදේශයක් මගින් එහි අතිරේක ලේකම්වරයෙකු වෙත භාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුවයි විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයට පැමිණ කොළඹින් පිටවන මංතීරුව මත වාඩි වී විරෝධතාවක නිරත වුණේ.

ඒ හේතුවෙන් පිටකොටුවේ සිට  ඕල්කට් මාවත ඔස්සේ කොටුව දෙසට ගමන් කරන මංතීරුව පස්වරු 3 සිට වසා දැමීමට සිදුවුණා.

කෙසේ වෙතත්, ඔවුන් රැය පහන් කරනු ලැබුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් වූ මාර්ගය හරස් කරමින්.

මේ නිසා  ඕල්කට් මාවතේ කොටුව දෙසට දිවෙන ධාවන තීරුව තවදුරටත් අවහිර වී තිබෙනවා.