නැවත යුද්ධයක් ඇති නොවීමට වගකීමෙන් කටයුතු කරමු - ජනපති උතුරේ ජනතාවගෙන් ඉල්ලයි

Tuesday, 01 November 2016 - 7:39

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජනතාව නොසන්සුන් කරන පාර්ශවවල උපක්‍රමවලට නොරැවටෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුරේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා සියල්ලන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි යාපනය - කන්කසන්තුරේ - කීරමලේ ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී භීෂණය හමුවේ අවතැන්ව යාපනය සුබසාධන මධ්‍යස්ථාන 31ක වාසය කළ පවුල් 971ක් නැවත පදිංචි කිරීමේ පළමු අදියර යටතේ මෙම නිවාස බෙදා දීම සිදුවුණා.

ඒ අනුව ඊයේ දිනයේදී නිවාස 100ක් බෙදා දුන් අතර, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ 5 වන ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව මෙම නිවාස ඉදිකිරීම සඳහා තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදෙනු ලැබුවා.