මහනගර සභාවලින් අද සිට රැගෙන යන්නේ වෙන් කළ කසල පමණයි

Tuesday, 01 November 2016 - 7:52

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
අද සිට කසල එකතු කිරීමේදී දිරන සහ නොදිරන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ වෙන් කළ කසල පමණක් එකතු කිරීමට සියලු මහනගර සභා තීරණය කර තිබෙනවා.

මෙම වැඩසටහන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී ආරම්භවීමට නියමිතයි.

මෙලෙස වෙන් කිරීමකින් තොරව ඉවතලන කසල එකතු කිරීමෙන් වැළකී සිටින බවයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අද සිට අවිධිමත් ලෙස කසල බැහැර කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලබා ගැනෙන බව සඳහන්.

අවිධිමත් ලෙස කසල බැහැර කරන පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳව තොරතුරු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයෙන් සහ 0112 58 71 24, 0112 59 31 11 යන දුරකථන අංක ඔස්සේ පොලිස් පරිසර කොට්ඨාශයට ලබාදිය හැකි වනවා.

වර්ගීකරණය කළ කසල පමණක් එකතු කිරීමේ වැඩසටහන මගින් නගරවල එකතු වන කසල ප්‍රමාණය සියයට 50ත්, සියයට 60ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.