දැවැන්ත රැළියකට පෙර දේශපාලන ආධාරකරුවන් 1500ක් අත්අඩංගුවට

Tuesday, 01 November 2016 - 8:18

%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+1500%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාකිස්තාන විපක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙකු වන ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 1500කට අධික පිරිසක් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ දේශපාලන පක්ෂය මගින් මෙම සති අන්තයේදී ඉස්ලාමාබාද් අගනුවර දැවැන්ත රැළියක් සංවිධාන කර ඇති අතර, ඊට පෙරයි මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇත්තේ.

අගමැති නවාස් ශරීෆ්ගේ රජය දූෂිත බව පවසමින් ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කිරීම ඉම්රාන් ඛාන්ගේ විරෝධතා ව්‍යාපාරයේ අරමුණයි.