තල් මසුන් නැරඹීමට ගිය විදේශිකයෙකු බෝට්ටුවේදී මිය යයි

Tuesday, 01 November 2016 - 10:20

%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැලිගම - මිරිස්ස ධීවර වරායෙන් තල් මසුන් නැරඹීම සඳහා ඊයේ දියඹට ගිය විදේශීය සංචාරකයින් පිරිසක් අතර සිටි අයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා.

74 හැවිරිදි ස්වීඩන ජාතිකයෙකු වන මොහු අසාධ්‍ය වීම හේතුවෙන් නැවත ගොඩට ගෙනවිත් මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.