මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත නීතිපතිවරයා වෙත ලබාදී තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත අදාළ උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, කෝප් වාර්තාව ඇතුළත් ලේඛනය නීතිපතිවරයා වෙත යොමු කළ බවයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
නීතිපතිවරයා වෙත කෝප් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අතර, කෝප් කමිටු වාර්තාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කමිටුවක් පත් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබූ බවයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සදහන් කළේ.