ගම්මන්පිළට විදේශගතවීමට දෙනවා ද ? - සලකා බැලීම 9 වන දා

Tuesday, 01 November 2016 - 13:44

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF+%3F+-+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+9+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F
ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ඇටෝනි බලපත්‍රයක් මඟින් නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ තවත් අයෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද කැදවනු ලැබුවා.

මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව හමුවේ මෙම නඩුව පෙරවරුවේ සලකා බැලුණු අවස්ථාවේදී ගම්මන්පිල මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළා.

ඒ සම්බන්ධයෙන් මේ මස 09 වැනිදා එම ඉල්ලීම සලකා බලන බවයි විනිසුරුවරයා මෙහිදී කියා සිටියේ.

මේ අතර, මෙම සිද්ධියට අදාල චෝදනා එල්ල වී සිටින සිඩ්නි ජයසිංහ නමැත්තාට අද ඇප නියම කෙරුණා.

විනිසුරුවරයා නියෝග කළේ රුපියල් ලක්ෂය මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි.  

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සාමාගමක කොටස් ඇටෝනි බලපත්‍ර‍්‍රයක් මඟින් නීති විරෝධී ලෙස අලෙවි කර රුපියල් මිලියන 41ක වංචාවක් සිදුකළ බවට නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාලව මීට පෙර උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට ද ඇප ලබා දී තිබුණා.