ජනපතිත්, කුණු වර්ග කර භාර දෙයි (ඡායාරූප)

Tuesday, 01 November 2016 - 13:46

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වර්ගීකරණය කළ කසල පමණක් එකතු කිරීමේ වැඩසටහනේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී අද උදෑසන සිදුකෙරුණා.

එහිදී දීප ව්‍යාප්ත වැඩසටහන සංකේතවත් කරමින් දිරාපත් වන සහ දිරාපත් නොවන වශයෙන් වර්ගීකරණය කළ කසල බඳුන් ජනාධිපතිවරයා මහනගර සභා වෙත භාර දෙනු ලැබුවා.

පිරිසිදු නගරයක් මෙන්ම, පිරිසිදු රටක් ඇතිකරලීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සදහන් කළේ.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ සමස්ත දක්ෂතා මත දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් කුරුණෑගල - ගල්ගමුව - එරියාව කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන්ද අද ජනාධිපතිවරයා හමුවුණා.

එහිදී ඔවුන් සමඟ සුහද කථාබහක නිරතවූ ජනාධිපතිවරයා පාසලේ අඩුපාඩු පිළිබඳවද සිසු දරුවන්ගෙන් කරුණු විමසූ අතර එම පාසලට ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙස ඔවුන් එහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට අදාළ ඇස්තමේන්තුව කඩිනමින් තමා වෙත යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට දැනුම්දී ඇත්තේ.

එසේම වසර 80 ක ඉතිහාසයක් ඇති මඩකලපුව - නාසිවන්තිව් දෙමළ පාසලේ ශිෂ්‍යත්වය සමත්වූ පළමු සිසුවා වන දිලීප් කුමාර සනුජන් සිසුවාද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.