වාර්තාගත මත්ස්‍ය අස්වැන්නක් - මිලත් පහළට

Wednesday, 02 November 2016 - 10:07

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ දිනවල වෙළඳපොලේ මාළු මිල ගණන් සීඝ්‍ර ලෙස පහළ බැස තිබෙනවා.

දිවයින අවට මුහුදෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම ඊට හේතුව බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඊයේ දිනයේදී වාර්තාගත මත්ස්‍ය අස්වැන්නක් ද පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති අතර, ගත වූ වසර කිහිපය තුළ මෙවැනි මත්ස්‍ය අස්වැන්නක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව ද ධීවර අමාත්‍යාංශය සඳහන් කළා.