ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ?

Wednesday, 02 November 2016 - 12:16

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%3F
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පත් කර තිබෙනවා.

ඒ පිළිබදව මැතිවරණ කොමිසම වෙත ද දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එම පක්ෂයේ සභාපතිවරයා ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිවරණ කොමිසම විසින් පිළිගෙන ඇත්තේ ඊයේ දිනයේදියි.

මෙම පක්ෂයේ සලකුණ වන්නේ මල් පොහොට්ටුවයි.

විමල් ගීගනගේ ප්‍රධානත්වය දැරූ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ පසුගිය අගෝස්තුවේදී අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙස නම් වෙනස් කරනු ලැබුවා.

එම පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පසුව යළිත් නම වෙනස් කරනු ලැබුවේ.

මෙම පක්ෂයේ ලේකම්වරයා ලෙස සාගර කාරියවසම් කටයුතු කරනවා.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන පළාත්පාලන මැතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරඟ වැදීමට අපේක්ෂා කරන බව එහි ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්, පක්ෂය මෙහෙයවීම පිළිබඳව සාමාජිකයන් දැඩි කැමැත්තකින් පසුවන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා මෙතෙක් පත්කර  නොමැති අතර, පක්ෂ සාමාජිකයින් කැමැත්ත අනුව ඉදිරියේදී එය සිදුවනු ඇති බවයි නීතීඥ සාගර කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.