ආණ්ඩුව ලැබූ හොදම ජයග්‍රහණය කෝප් වාර්තාවයි - අගමැති කියයි

Wednesday, 02 November 2016 - 13:31

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%84%E0%B7%9C%E0%B6%AF%E0%B6%B8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
යහපාලන රජය ලබා ගත් හොදම ජයග්‍රහණය මහබැංකුව සහ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව එළිදැක්වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්ෂය කැළණිය ආසන සංවිධායක ධුරය පිරිනැමීමේ උත්සවයට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (02) එක්වෙමින්.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ මහබැංකු බැඳුම්කර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අයුරින්ම ග්‍රීක බැඳුම්කර සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකර පාර්ලිමේන්තුවට වාර්තා කරන බවයි.  

කෝප් වාර්තාව ආණ්ඩුවේ ජයග්‍රහණයක් බව සඳහන් කළ ඔහු නීතිපති උපදෙස් මත ඉදිරි තීරණ ගන්නා බවද මෙහිදී සඳහන් කළා.

තමන් ලබන සතියේ මහබැංකු මුදල් මණ්ඩලයද කැඳවා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ හොංකොං බලා පිටත්ව යනවා. ඒ ආර්ථික සමුළුවක් සදහා එක්වීම සදහායි.