Update: වෙන්නප්පුවෙන් හමුවු කාන්තාවගේ මරණයට හේතුව හෙළිවෙයි

Wednesday, 02 November 2016 - 13:46

Update%3A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී  හමුවු කාන්තාවගේ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

ඇය මරණයට පෙර දුෂණයට ලක්වී ඇති අතර ශ්වසන මාර්ගය අවහිර කිරීම හේතුවෙන් මියගොස් ඇති බවටයි අද පැවති මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක්.

ඇය වයික්කාල ප්‍රදේශයේ උලු කම්හලක සේවය කල අයෙක් බව සඳහන්.

ඊයේ දහවල් මෙම කාන්තාවගේ සිරුර හමුවී තිබුනේ බෝලවත්ත ප්‍රදේශයේ උලු කම්හලකට අයත් ඉඩමක තිබියදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද පොලීසිය අද අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.

Update : wednesday, 02 November 2016 - 17.09
---------------------------------------------------------------------------------------------

වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ උළු කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී අභිරහස් ලෙස කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස මියගොස් තිබුණේ 52 හැවිරිදි කාන්තාවක්.

ඇගේ සිරුර උළු කර්මාන්තශාලාවට අයත් ඉඩමක තිබී වෙන්නප්පුව පොලිසිය සොයා ගනු ලැබුවේ එහි පලා නෙලීමට ගිය පුද්ගලයෙකු කළ දැනුම්දීමකට අනුවයි.

ඒ අනුව, විමර්ශන ආරම්භ කළ පොලිසිය අදාළ කර්මාන්තශාලාවේ කම්කරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.