"ආවා"ආවේ කොහොමද? කැබිනට් මාධ්‍ය හමුවේ දී අනාවරණයක්

Wednesday, 02 November 2016 - 18:11

%22%E0%B6%86%E0%B7%80%E0%B7%8F%22%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF%3F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීමට හේතුව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හෙළි කළා.

ඒ, මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේයි.  

හිටපු මහ බැංකු අධිපතිවරයාගේ පියා එක්සත් ජාතික පක්ෂය සමඟ දිගු කළක් විශ්වසනීය අයුරින් කටයුතු කළ පුද්ගලයෙකු බව සඳහන් කළ අමාත්‍යවරයා අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ගැටළුවක් මතුවී නම් ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බව ද සඳහන් කළා.

කෝප් කමිටුවේ සභාපතිවරයාද සිද්ධියට අගමැතිවරයාගේ සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

උතුරේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත එකළ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් බව සඳහන් කළ ඔහු ආණ්ඩුව මාරුවීමෙන් පසුවද ඔවුන් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවන බවටයි චෝදනා කළේ.

නව ආණ්ඩුවට තවමත් මෙම කණ්ඩායම මර්දනය කරගැනීමට නොහැකිවී ඇත්තේ ඇයිදැයි මාධ්‍යවේදීන් එහිදී විමසා සිටියා.

අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ මෙම කටයුතු දැන් ආරම්භ කර ඇති බවයි.