අගමැති හොංකොං බලා පිටත්ව යයි

Thursday, 03 November 2016 - 6:39

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා ශාන්තිකර සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූත පිරිස හොංකොං බලා පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක  ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස අලුයම 12.15 ට කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බවයි.

ආසියානු ශාන්තිකර කලාපීය ව්‍යවසායකයින් සහ ජර්මානු ව්‍යවසායකයින් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුව හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද සිට ආරම්භ වනවා.

මේ මස 5 වනදා දක්වා මෙම සමුළුව පැවැත්වෙන අතර, ඊට එම කලාපයන්හි ප්‍රමුඛ නීති සම්පාදකයින්, විද්වතුන් සහ ව්‍යවසායකයන් එක්වනවා.