පළාත් හතරකට හත්වනදා දක්වා තද වැසි

Thursday, 03 November 2016 - 9:07

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දකුණ, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වලට මේ මස 07 වනදා දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිබවයි.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.