බැඳුම්කර සිද්ධිය අධිකරණයට යොමු කළ යුතුයි - ජනපති කියයි

Thursday, 03 November 2016 - 13:13

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීති උපදෙස් අනුව අපක්ෂපාතී පරීක්ෂණයක් කර තීන්දුවක් ලබාදීම සඳහා අධිකරණයට යොමුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ප්‍රථම වරට මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සදහන් කළේ බැඳුම්කර සිද්ධියෙන් සියලූ දේශපාලනඥයින් ඉවත්විය යුතු බවයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනට අද (03) පෙරවරුවේ මහරගමදී එක්වෙමින්.

ජනාධිපතිවරයා කියාසිටියේ බැඳුම්කර සිද්ධියෙන් සියලු දේශපාලනඥයින් ඉවත්විය යුතු බවයි.