බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය අද (04) රැස්වෙනවා.
මෙහිදී බැදුම්කර නිකුතුව පිළිබද ශ්‍රී ලංකා මහබැංකුව සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව අධ්‍යයනය කර මුදල් මණ්ඩලය විසින් තීන්දු ගැනීමට නියමිත බවයි මහබැංකුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මේ අතර, බැදුම්කර නිකුතුවේදී මහබැංකුවේ අභ්‍යන්තර තොරතුරු පිටතට නිකුත් වී ඇත් ද යන්න පිළිබදව ද මුදල් මණ්ඩලයේ අවධානය යොමුවනු ඇති.
මේ අතර, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සදහන් කළේ කෝප් කමිටුව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ රජය ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.
එමෙන්ම, නිවැරදි සාක්ෂි තහවුරු වනතෙක් මහබැංකුවේ නිලධාරින් වෙත ඇගිල්ල දිගු කළ නොහැකි බව ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහබැංකු අධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී සදහන් කළා.
මේ අතර,බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව පිළිබදව අධ්‍යයනය කිරීම සදහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව ඊයේ රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබුණා.