දිල්ලියේ වායු දුෂණය වසර 17 කින් දරුණුම තත්ත්වයට

Friday, 04 November 2016 - 8:48

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+17+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දුෂණය වසර 17 කින් දරුණුම මට්ටමට පැමිණ ඇතැයි එරට සෞඛ්‍ය සහ කාලගුණ අංශ ප්‍රකාශ කළා.

විශේෂයෙන් නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දැඩි වායු දුෂණයක් දක්නට ලැබෙන අතර, දෘෂ්‍ය සීමාව මීටර් 300 නොඉක්මවන බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

වායු ගෝලයේ දුලි අංශු ප්‍රතිශතය ද මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට වඩා සියයට 62.7 කින් ඉහළ ගොස් ඇති බව දිල්ලි පරිසර දුෂණ පාලන කමිටුව සදහන් කළා.

මේ නිසා විශේෂයෙන් කුඩා ළමයින්ගේ ශ්වසනාබාධ සහ හෘද රෝග පවා ඉහළ යාමේ අවදානමක් පවතින බව ඉන්දීය විද්‍යා සහ පාරිසරික මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක කියා සිටියා.