පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය නිදහස් චතුරස‍්‍රයේ තැන්පත් කෙරේ

Friday, 04 November 2016 - 11:15

%E0%B6%B4%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සදහා නිදහස් චතුරස‍්‍රයේ තැන්පත් කර තිබෙනවා.

දේහය රැගත් පෙරහර අද උදෑසන බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකින් ගමන් ආරම්භ කළ අතර, එය බෞද්ධාලෝක මාවත ඔස්සේ නිදහස් චතුරස‍්‍රය වෙත පැමිනුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලනඥයන් රැසක් කලාකරුවන් සමග ඊට එක්වූයේ දේහයට පුෂ්පෝපහාර දක්වමින්.

එමෙන්ම, ම ග දෙපස සිටි අති විශාල ජනකායක් ද දේහයට පුෂ්පෝපහාර දැක්වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අභාවප්‍රාප්ත ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ දේහය හෙට පස්වරු 3.30 වනතුරු නිදහස් චතුරස‍්‍රයේ මහජන ගෞරවය සදහා තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු ඉන් අනතුරුව සිදුකිරීමට නියමිතයි.

දැයේ උත්කෘෂ්ඨ ගණයේ කලාකරුවෙකු වන පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ අභාවය නිමිත්තෙන් රජය විසින් ඊයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා.