හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායකට ඇප ලබාදීම කොළඹ මහාධිකරණ ප්‍රතික්ෂේප කරයි

Friday, 04 November 2016 - 11:21

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කූඨ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 03ක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඇප ඉල්ලා මෝසමක් මගින් සිදුකළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන හමුවේ මෙම මෝසම සලකා බැලූ අවස්ථාවේදීයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කූඨ ලේඛන සැකසීමේ ඇතුළු චෝදනා 03ක් යටතේ පසුගිය මස 19 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දෙසැම්බර් මස 5 වනදා දක්වායි.

අද මෝසම සලකා බැලූණු අවස්ථාවේදී, අධිකරණය නොමග යවමින් අසත්‍ය කරුණු ඉදිරිපත් කර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඇප ඉල්ලා ඇති බවත්, ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණක් ඉදිරිපත් කර නොමැති බවත්, මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කර තිබෙනවා.

2014 වසරේ දෙසැම්බර් මස දිනකදී කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කළේ යැයි ඔහුට විරුද්ධව චෝදනා එල්ල වුණා.

එමඟින් ජනාධිපති මැතිවරණ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළේ යැයි පවසමිනුයි නීතිපතිවරයා පසුගිය මස 09 වැනිදා මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව නඩු පවරනු ලැබුවේ.