අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට සහ හිටපු ක්‍රීඩා අමාත්‍යාංශයේ ගබඩා පාලක අජිත් නිශාන්තට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුව ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ එම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සදහා යොමුකර ඇති බැවින් අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මෙලෙස නඩුව කල් දමා ඇති බව සදහන්.
2014 වසරේ ක්‍රීඩා උපකරණ මෙරටට ගෙන්වා බෙදා හැරීමේදී මිලියන 53 ක මුදලක් අවභාවිතා කළ බව පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම නඩුව පවරා තිබෙනවා.