ජයලලිතාගේ ජීවිත අවදානම පහවෙයි

Friday, 04 November 2016 - 15:11

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ පසුගිය සැප්තැම්බර් 22 වනදා සිට ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ ජීවිතයට අවදානමක්ව පැවති තත්ත්වය පහව ගොස් ඇති බව ඇයගේ පක්ෂයේ ප්‍රධානියෙකු සදහන් කළා.

ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක සී.පොන්නයියා කියා සිටියේ ජයලලිතාගේ පෙනහළු ආසාදනය දැන් පාලනය කර ඇති අතර, ශ්වසන පද්ධතිය ප්‍රකෘතිමත් වෙමින් පවතින බවයි.

ඒ අනුව පසුගිය සතිය තුළ ඇය ඝණ ආහාර භාවිතය ඇරඹූ බවයි ඔහු සදහන් කළේ.

මෙය තීරණාත්මක අවධියක් පසු කිරීමක් ලෙසද වෛද්‍යවරුන් උපුටා දක්වමින් ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. ප්‍රකාශකයා කියා සිටියා.

ඒ අනුව ජයලලිතා අධි සත්කාර ඒකකයේ අධීක්ෂණය යටතේ රෝහලේ පෞද්ගලික කාමරයකට මාරු කර යවා තිබෙනවා.