හෙට කොළඹ සුරාසැල් සහ සිනමා ශාලා වැසේ

Friday, 04 November 2016 - 17:20

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය හෙට පස්වරු 3.00 වනතුරු නිදහස් චතුරස‍්‍රයේ මහජන ගෞරවය සදහා තැන්පත් කර තැබෙනවා.

අවසන් කටයුතු ඉන් අනතුරුව ආරම්භ කරන බවයි අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ.  

හෙට දිනයේ නිදහස් චතුරස‍්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

අමරදේවයන්ගේ අභාවය නිමිත්තෙන් රජය විසින් ඊයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා.

එසේම කොළඹ නගරයේ සිනමා ශාලා, මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් ද හෙට දිනයේ වසා තැබෙනවා.