පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අතිවිශාල ජනකායක්

Friday, 04 November 2016 - 20:28

%E0%B6%B4%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A9%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%8A.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අභාවප්‍රාප්ත මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ දේහය තැන්පත් කර තිබෙන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ මේවන විට කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් රැස්ව සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද පස්වරු 4 ට පමණ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ට අවසන් ගෞරව දැක්වුවා.

හෙළයේ මහා ගාන්ධර්වයාණන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට පස්වරු 3 දක්වා මහජනතාවට අවස්ථාව උදාවනවා.

අවසන් කටයුතු ඉන් අනතුරුව ආරම්භ කරන බවයි අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ.  

දේහය රැගත් පෙරහර අද උදෑසන බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකින් ගමන් ආරම්භ කළ අතර, එය බෞද්ධාලෝක මාවත ඔස්සේ නිදහස් චතුරස‍්‍රය වෙත පැමිනුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලනඥයන් රැසක් කලාකරුවන් සමග ඊට එක්වූයේ දේහයට පුෂ්පෝපහාර දක්වමින්.

හෙට දිනයේ නිදහස් චතුරස‍්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

සුවහසක් රසික සිත් සප්තස්වර මාධුර්යෙන් සුවපත් කළ මේ අසහාය නිර්මාණවේදියාගේ අභාවය වෙනුවෙන් රජය ඊයේ සතියක ශෝක කාලයක්ද
ප්‍රකාශයට පත්කළා.

රජය ඉල්ලා සිටින්නේ සියලු නිවෙස්වල සුදු කොඩි ඔසවන ලෙස සහ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසයි.

එසේම කොළඹ නගරයේ සිනමා ශාලා, මස් මාංශ අලෙවිසැල් සහ සුරාසැල් ද හෙට දිනයේ වසා තැබෙනවා.






මේ අසහාය නිර්මාණවේදියාගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ නිළ facebook ගිණුමේ පළවූ වීඩියෝව පහතින්.