Update : අමරදේවයන් රටම හඬවා, දැයෙන් සමුගනී - අමරදේව කේන්ද්‍රයක් පිහිටුවා උරුමය රැකගන්නා බව ජනපති කියයි

Saturday, 05 November 2016 - 15:35

Update+%3A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A++%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B7%84%E0%B6%AC%E0%B7%80%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලාංකේය දේශය සුභාවිත ගීතයෙන් පෝෂණය කළ මහා ගාන්ධර්වයාණන් වූ පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව අද (05) දැයෙන් සමුගත්තා.

පස්වරු 5.20 ට පමණ ඔහුගේ දේහය තැන්පත් කළ චිතකයට ගිනි දැල්වූ බවයි නිදහස් චතුරශ්‍රයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අමරදේවයන්ගේ දේහය ඊයේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ තැන්පත් කළ අවස්ථාවේ සිටම අතිවිශාල ජනකායක් ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා එහි පැමිණියා.

කලාකරුවන්, විද්වතුන් සහ දේශපාලන නායකයන්ද ඊට ඇතුළත්.  

අද පස්වරු 3.00 පමණ වනවිට දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට ලබාදුන් අවස්ථාව අවසන් වූ අතර, ඉන් අනතුරුව අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු ආරම්භ කෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇදුරු මඩුල්ල දේහය නිදහස් මන්දිරයේ සිට විශේෂ පීඨිකාව වෙත රැගෙන යාම ආරම්භ කළ අතර, අනතුරුව කලාකරුවන් සහ විද්වතුන් දේහය භාරගත්තා.

මහා සංඝ රත්නය, සර්වාගමික පූජකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ දේශපාලන නායකයන් සහ විද්වතුන් මෙන්ම කලාකරුවන් රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියා.

අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු ආරම්භ කරමින් රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා ආගමික වතාවත් සිදුකරනුු ලැබුවේ කෝට්ටේ  ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් විසින්.

මහා සංඝ රත්නය වෙනුවෙන් සිදු කෙරෙන අනුශාසනාවද උන්වහන්සේ සිදුකළා.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්ද අමරදේවයන් වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබූ අතර, හින්දු පූජකවරුන්ගේ සංගමය වෙනුවෙන් සහ මවුලවිතුමන්ලා වෙනුවෙන්ද මෙහිදී ශෝක පණිවුඩ ඉදිරිපත් කෙරුණා.

අනතුරුව පිළිගැනීමේ කථාව සිදු කළේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන විසින්.

ඉන් පසුව අමරදේවයන් පිළිබඳ මතකය අවදි කරමින් අවමංගල්‍ය උත්සවය ඇමතුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙහිදී අදහස් පළ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ නිදහස් ලංකාවේ කලාව බිහිකිරීමට බිහි වූ පතාක යෝධයෙකු ලෙස අමරදේවයන් හැඳින්විය හැකි බවයි.

අවමංගල්‍ය සභාව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ අමරදේවයන්ගේ ගමන් මග ඉදිරියට ගෙන යෑම සඳහා අමරදේව කේන්ද්‍රයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කලාකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

අමරදේවයන්ගේ පුතණුවන් වන රන්ජන අමරදේව විසින් ස්තූති කථාව සිදුකිරීමෙන් පසු දේහය චිතකය වෙත රැගෙන ගිය අතර, සහෝදර කළාකරුවන් සසර වසනතුරු ගීතය ගයමින් ඔහුට අවසන් බුහුමන් දක්වනු ලැබුවා. චිතකයට ගිනි දැල්වූයේ ඉන් අනතුරුවයි.



saturday, 05 november 2016 - 18.37
--------------------------------------------------------------------------------------------------

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන අද, අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු මීට ටික වේලාවකට පෙර කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ආරම්භ වුණා.

ඒ, නිදහස් මන්දිරයේ තැන්පත් කර තිබූ ඔහුගේ දේහය චිතකය අසළ විශේෂයෙන් සැකසූ පීඨීකාවේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇදුරු මඩුල්ල දේහය නිදහස් චතුරශ්‍රයේ සිට විශේෂ පීඨිකාව වෙත රැගෙන යාම ආරම්භ කළ අතර, අනතුරුව කලාකරුවන් සහ විද්වතුන් දේහය භාරගත්තා.  

මහා සංඝ රත්නය, සර්වාගමික පූජකවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ දේශපාලන නායකයන් සහ විද්වතුන් මෙන්ම කලාකරුවන් රැසක්ද එම අවස්ථාවට එක්ව සිටිනවා.

අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු ආරම්භ කරමින් රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා ආගමික වතාවත් සිදුකරනුු ලැබුවේ කෝට්ටේ  ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් විසින්.

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය ඊයේ දිනයේදී කොළඹ නිදහස් චතුරස‍්‍රයට රැගෙන එනු ලැබුවේ කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ පෙරහරකින්.

ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්වූයේ දේහයට පුෂ්පෝපහාර දක්වමින්.

දේහය නිදහස් චතුරස‍්‍රයේ තැන්පත් කිරීම සඳහා ද ජනාධිපතිවරයා උරදීම විශේෂත්වයක්.