හබරාදුවේ ගැටුමක් දුරදිග යයි - පොලීසියේ දෙදෙනෙකු ඇතුලූ පහකට තුවාල

Saturday, 05 November 2016 - 18:31

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
හබරාදුව - මීපේ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඊයේ (04) රාත්‍රියේ ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා.

මීපේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු මෙලෙස පහර දී තිබූ අතර, එහි කඨින පූජෝත්සවයෙන් පසුව ඇතිවූ සිදුවීමක් සමථයකට පත් කිරීමට යාමේදීයි එය සිදුව තිබුණේ.

පසුව ගම්වාසීන් හිමිනමට පහරදුන් පුද්ගලයාට සහ තවත් දෙදෙනෙකුට පහරදී ඇති අතර ඔවුන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.

සිද්ධිය පාලනය කිරීම සඳහා ගිය හබරාදුව පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුද ගම්වාසීන්ගේ පහරදීම හේතුවෙන් රෝහල් ගතකර තිබුණා.

පසුව ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා  අහංගම, ගාල්ල වරාය පොලීසිය මෙන්ම ගාල්ල මූලස්ථාන පොලීසියේද නිලධාරීන් කණ්ඩායමක් කැඳවීමටයි හබරාදුව පොලිසිය කටයුතු කර ඇත්තේ.



එම ස්ථානයේ සිටි පුද්ගලයකු මෙම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබුනා.