රජයේ සේවකයන්ට නම්‍යශීලී කාර්යාල වේලාවන්

Sunday, 06 November 2016 - 12:23

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A
කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස රජයේ සේවකයන්ට නම්‍යශීලී කාර්යාල වේලාවන් හඳුන්වාදීමට සැළසුම් කෙරෙනවා.

ඒ අනුව රජයේ සේවකයන්ට උදෑසන 7 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය අටක සේවා මුරයක් නිම කොට පස්වරු තුනේ සිට හය දක්වා නික්ම යා හැකියි.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සමඟද සාකච්ඡා කරනු ඇති.

එම අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ලබන ජනවාරි මාසයේ සිට අත්හදාබැලීමේ පියවරක් ලෙස රජයේ කාර්යාල විශාල සංඛ්‍යාවක් ඇති බත්තරමුල්ල ප්‍රදේශයේ මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි.