තීන්දුව වෙනස් කරන්න සිදුවනු ඇතැයි සාමාජිකත්වය අහිමි වූ ජී.එල්. කියයි

Sunday, 06 November 2016 - 18:36

%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පක්ෂය ගත් තීන්දුව වෙනස් කරන්නට සිදුවනු ඇතැයි නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්. පවසනවා.

නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක අද ප්‍රකාශ කළේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නේ නම් ඔහුගේ සාමාජිකත්වය නිතැතින්ම අහෝසි වන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට පත්වී සිටින මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වීතිබෙනවා.

එමෙන්ම ඉදිරියේදීත් නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගන්නේ නම් ඔහුගේද පක්ෂ සාමාජිකත්වය නියත වශයෙන්ම අහෝසි වන බවයි නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ.

කෙසේ වෙතත් තංගල්ල ප්‍රදේශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා ප්‍රකාශ කළේ පක්ෂය ගත් තීන්දුව වෙනස් කරන්නට සිදුවනු ඇති බවයි.

 ‘‘ පක්ෂ ව්‍යවස්ථාව යටතේ පක්ෂ සභාපතිවරයාට බලය තියෙනවා පක්ෂයේ සමාජිකයෙකුගේ සාමාජිකත්වය අත්හිටුවිමට. දැන් මට ආරංචි ඒ බලය ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා මට විරුද්ධව. හැබැයි අපි මතක තියා ගන්න  ඕනේ පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට විරුද්ධවත් මේ විදියටම සාමාජිකත්වය අත්හිටුවිමේ නියෝගයක් නිකුත් කරලා තිබුණා. ඉන්පසුව ඒක අහොසි කළා. එතකොට මේ එකක් කොහොමද අනික සමඟ සංසන්දනය කරන්නේ. මෙතන යම් කිසි පරස්පර විරෝධිතාවයක් තියෙනවා. එතකොට දැන් මම විශ්වාස කරනවා මගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිමත් පස්සේ වෙනස් කරන්න වෙයි කියලා.  ඒ කියන්නේ පක්ෂයක් නිතිය අනුව කටයුතු කරන්න  ඕනේ. සාධාරණත්වය අනුව කටයුතු කරන්න  ඕනේ.’’