දියණිය කෙලෙසූ සූරියවැව පියෙකු, පොලීසියට බිය වී දිවි නසා ගනී

Sunday, 06 November 2016 - 19:11

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%96+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පහළොස් හැවිරිදි තම දියණිය අපයෝජනයට ලක් කල පියෙකු, තමන්ව පොලිසිය අත්අඩංගුවට ගැනිමට එන බව දැන, ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

මෙසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ දෙයියන්දරයාය - සුරියවැව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

මාස 6කට පෙර එම පුද්ගලයාගේ බිරිඳ රැකියාවක් සඳහා විදෙස්ගත වී තිබෙනවා.

සුරියවැව පොලිසිය සඳහන් කලේ පියා විසින් කලක් තිස්සේ තමන්ව අපයොජනයට ලක් කළ බවට මෙම දැරිය  ප්‍රකාශ කර ඇති බවයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක්.