කෝටි තුන හමාරේ රන් කොල්ලයේ මහමොළකාර එස්.අයි. අත්අඩංගුවට

Monday, 07 November 2016 - 7:18

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ ආදිරිප්පු වීථියේ ඉන්දියානු ජාතිකයෙකුට අයත් ස්වර්ණාභරණ වෙළඳසැලකින් රුපියල් කෝටි තුනහමාරක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියේ මහ මොළකරු බවට පැවසෙන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මොවුන් ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය යටතේ කිරිබත්ගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන්නෙකු බවද පොලීසිය  සඳහන් කළා.

කොළඹ - ආදිරුප්පු වීථිය ප්‍රදේශයේ ඉන්දියානු ජාතිකයෙකු විසින් පවත්වාගෙන ගිය ස්වර්ණාභරණ අලෙවි සැළකට ආගමන විගමන නිලධාරීන් බව පවසා සැකකරුවන් මෙම කොල්ලය සිදුකරනු ලැබුවේ සැප්තැම්බර් මස 17 වනදායි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.