ඉන්දු - ශ්‍රී ලංකා ජනපතිවරුන් අතර හමුවක්

Monday, 07 November 2016 - 7:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලෝක දුම්කොළ පාලන සම්මේලනයේ 7 වන සැසි වාරයට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඊයේ එරට ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හමුවුණා.

එහිදී ඉන්දු - ශ්‍රී ලංකා ශක්තිමත් බැඳීමකින් ඉදිරියට ගෙන යාම පිළිබඳව රාජ්‍ය නායකයින් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡාකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

 එදෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේ ඊයේ පස්වරුවේයි.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟාවූ ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස ඉන්දීය රජයේ විශේෂ දූත පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වනු ලබන දුම්කොළ භාවිතය පාලනය සම්බන්ධයෙන් වන මෙම සැසිවාරය නවදිල්ලි නුවර දී අද ආරම්භ වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

දහවල් 12.30 ට ජනාධිපතිවරයා මෙම සමුළුව ඇමතීමට නියමිතයි.