අපරාධ චෝදනාවලින් හිලරි නිදහස්

Monday, 07 November 2016 - 8:05

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
ඇමරිකාවේ රාජ්‍ය තොරතුරු හැසිරවීමේදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නීති උල්ලංඝනය කිරීමක් සිදුකර නොමැති බව එරට FBI  ඔත්තු සේවාව දෙවන වරටත් තහවුරු කර තිබෙනවා.  

හිලරි ක්ලින්ටන් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරියව සිටියදී රාජ්‍ය තොරතුරු හුවමාරුව සඳහා පුද්ගලික විද්‍යුත්  ලිපි ගොනු මෙහෙයුම් පද්ධතිය භාවිතා කළ බවට  දෙවන වරටත් ඇයට චෝදනා එල්ලවුණා.

ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ FBI අධ්‍යක්‍ෂ ජේම්ස් කෝමින්ග් සඳහන් කළේ ඇය එවැනි නීති උල්ලංඝනය කිරීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට ආරම්භ වනවා.