ව්‍යාජ ලිපි ලේඛන සැකසූ මධ්‍යස්ථානයක් වටලයි

Monday, 07 November 2016 - 9:59

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%96+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඇඹිලිපිටිය - පනාමුර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ ඔප්පු සහ ලිපිලේඛන සකස් කිරීමේ ස්ථානයක් ඊයේ වටලා තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඊට අදාළ සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලින් ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ලේඛන තොගයක් සොයාගෙන තිබෙනවා.