කෝටි 2 ක රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Monday, 07 November 2016 - 11:12

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+2+%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට සැළසුම් කර තිබූ රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් රන් කිලෝග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධීවර යාත්‍රාවකින් මොවුන් මෙම රන් තොගය ප්‍රවාහන කරමින් සිටියදී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලෙයිමන්නාරමට බටහිර දෙසින් වූ මුහුදේදීයි.

මොවුන් ධීවරයින් මුවාවෙන් මෙම රන් තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් මන්නාරම සහ සිලාවතුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ අදාළ රන් තොගය නාවික හමුදාව විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වනවිට යාපනය රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

ඡායාරූප - දියසේන රතුගමගේ