ඒකාබද්ධ විපක්ෂය සන්ධානයකින් ඡන්දයට

Monday, 07 November 2016 - 13:00

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඉදිරි පළාත්පාලන මැතිවරණයට තරඟ කරනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් සන්ධානයකින් බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අලුතින් බිහිකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින්.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුලු පක්ෂ 11 ක් මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයක් නොමැති නිසා නව පක්ෂය බිහි කළ බවයි ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙරට චීන තානාපතිවරයා විදේශ අමාත්‍යාංශයට කැඳවීමට අමාත්‍ය මංගල සමරවීර තීරණය කර ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා ඊට ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළ කරන බවද මෙහිදී කියා සිටියා.