ගෘහ සේවයට සෞදියට ගිය කාන්තාවක් රැඳවුම් කඳවුරකදී ජීවිතක්ෂයට

Tuesday, 08 November 2016 - 9:21

%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගිය මෙරට කාන්තාවක් රියාද් නුවර රැඳවුම් කඳවුරකදී හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර එම කඳවුරේ රැඳී සිටින වන්ට ලක්වන බවට වාර්තාවනවා.

මෙම කාන්තාවන් පිරිස රඳවා ඇති බව පැවසෙන්නේ සෞදි අරාබියේ රියාද් නුවර ඔලෙයියා එක්සිට්-6 නැමති කඳවුරේයි.

එහි මෙරට කාන්තාවන් 80කට අධික පිරිසක් රැඳී සිටින බවට වාර්තාවනවා. .

ගෘහ සේවය ඇතුළු විවිධ රැකියාවන් සඳහා සෞදියට ගිය මොවුන් රැකියා කළ ස්ථානවලදී මුහුණදීමට සිදුවූ විවිධ හිංසා හේතුවෙන් රැකියා ස්ථානවලින් පළා ගොස් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිට අපේක්ෂා කර ඇති අතර, පසුව ඔවුන් අදාළ රැඳවුම් කඳවුර වෙත යොමු කර තිබෙනවා.

පසුගිය 30 වැනිදා අදාළ කඳවුරේ රැදී සිටි වයස අවුරුදු 40ක තිදරු මවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පලනියන්ඩි කට්බගවල්ලි නම් ඇය හැටන් මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඇය 2015 වසරේදී ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබිය බලා පිටව ගොස් තිබුණේ කොළඹ පෞද්ගලික ඒජන්සි කරුවෙකු හරහායි.

ඇගේ දරුවන් සහ ඥාතීන්, සාමිමලේ ප්‍රදේශයේදී ඊයේ විරෝධතාවක් පවත්වමින් ඉල්ලා සිටියේ තම ඥාතියාගේ දේහය මෙරටට ගෙනැවිත් දෙන
ලෙසයි.

එමෙන්ම මෙම මරණය සම්බන්ධයෙන් මෙතෙක් රජය තමන්ව දැනුවත් කර නොමැති බවට ඔවුන් චෝදනා කරනවා.

මේ අතර අදාළ මියයාම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අදාළ කාන්තාව මානසික ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ඇයගේ මරණය සම්බන්ධයෙන් සෞදියේ රියාද් තානාපති කාර්යාලය මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.