ගුවන් යානය ඇතුලෙන් මතුවූ බය හිතෙන සර්පයා

Tuesday, 08 November 2016 - 9:57

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%8F
Torreon සිට Mexico City දක්වා ගමන් කළ ගුවන්යානයක සිටි සර්පයෙක් දැක්වෙන ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය වාරතා කර තිබෙනවා.  

එහි දැක්වෙන්නේ ගුවන් යානයේ ආසන වලට ඉහලින් ඇති සිදුරකින් මෙම සර්පයා පිටතට පැමිණෙන ආකාරයයි.

එම අවස්ථාවේ මගීන් එම ස්ථානයෙන් ඉවත්වීමට යාමේදී දැඩි කලබලයක් ඇතිවී තිබෙනවා.

කෙසේ වෙතත් පසුව ගුවන් යානය Mexico City වෙත පැමිණි පසු සත්ව පාලකයන් පැමිණ සර්පයා අල්ලා ගත් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙම සිද්දිය හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි අදාළ ගුවන්සේවා සමාගම පකාශ කර ඇත්තේ.
එම අවස්ථාව දැක්වෙන ඡායාරූප පහතින්.